ඩීසල් ලීටර් 1,820ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
2026 March 24- Page Views : 1187
බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1,820ක් සන්තකයේ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සේරුනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන සේරුනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සේරුනුවර පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.