WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බලශක්ති ඇමති ජනතාවගෙන් කළ ඉල්ලීම

2026 March 25- Page Views : 6

සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලයේදී විදුලිය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු පවසන්නේ, විදුලි කප්පාදුවක් සිදුකිරීමට මේවන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් කුමාර ජයකොඩි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"පුළුවන් තරම් එක බල්බ් එකක් හරි ඕෆ් කරලා, පුළුවන් තරම් සපෝට් එකක් දෙන්න. ඒ වෙලාව තමා තෙල්වලින් දුවන්නේ. දවල්ට ගැටලුවක් නෑ. රෑට පුළුවන් තරම් පුරවැසියෝ විදියටත් අපි ඒ සපෝට් එක දෙනවා. මොකද ඒ බර එන්නේ අන්තිමට අපිට, ජනතාවටම තමා. අපේ රජයේ අරමුණ තියෙන්නේ, ජනතාවට කරදරයක් නොවෙන්න එදිනෙදා කටයුතු කරගෙන යන්න පුළුවන් විදියට විදුලි බලය ද, ඛනිජ තෙල් ද ලබාදෙන්න ඕනකම තියෙනවා. මං හිතනවා අපි කලාපය හැටියට ගත්තත් බොහෝම හොඳින් කරගෙන යනවා. ඉදිරියටත් අපි ඒක කරන්න ඔ්නේ. ඒකට අපි තෙල් මිලදී ගැනීම් ඒවා හැමදේම කරනවා. වගකීමෙන් කියනවා ආණ්ඩුව හැටියට මේකෙන් කිසිම ජනතාවට, හුඟාක් අය යෝජනා කරනවා විදුලිය කප්පාදුවක් කරන්න කියලා. අපිට එතැනට යන්න අදහසක් නෑ. අපි කොහොම හරි විදුලිය කපන්න අදහස් නෑ. අපිට සියලු පරිභෝජනයන්ට මැයි වෙනකල් තෙල් තියෙනවා. ඒ නිසා කිසිම කලබලයක් වෙන්න එපා."

කොළඹ පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පද්ධති සැලසුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බුද්ධික සමරකොන් මහතා පැවසුවේ, අප්‍රේල් මස අවසානය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය හැකි බවය.