තරුණයින්ට මත්පෙති අලෙවි කළ ඔසුසැල් හිමියා අත්අඩංගුවට
2026 March 25- Page Views : 6
විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මානසික රෝගීන් වෙත ලබා දෙනු ලබන ඖෂධ පෙති තරුණයන්ට අලෙවි කළ හැටන් නගරයේ ඔසුසැල් හිමියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසිනි.
සැකකරු විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් ඉතා අධික මිලකට මෙම ඖෂධ අලෙවි කරන බවට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් පොලිස් උපාය දුතයෙකු යොදා ගනිමින් මොහුව අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී අලෙවි කිරිමට සූදානම් කර තිබූ මත් පෙති 1400කට ආසන්න සංඛ්‍යාවක් පොලිසිය භාරයට ගත් බව සඳහන්ය.
සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වැටලීම සිදු කළ හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියහ.