WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළට

2026 March 27- Page Views : 1883

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බැසීමත් සමග ජලාශයේ නටඹුන් යළි මතුවෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා.

ඊයේ (26) සවස 6:00 වන විට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 40 අගල් 9 කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි -39 අගල් 4 කින් පහල බැස තිබෙනවා.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් ලබාගන්නා ජලයෙන් විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සිදු කරනු ලබනවා.

තවදුරටත් වියලි කාලගුණය පැවතුනහොත් ජල විදුලි උත්පාදනයට බාධා විය හැකි බවයි එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටිනවා.