අන්තර්ජාල මුදල් වංචාවේ නිරතවී සිටි චීන්නු 16ක් මීගමුවේදී කොටුවෙයි
2026 March 28- Page Views : 1878
මෙරට තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් චීන ජාතිකයින් 16ක් සහ කාම්බෝජ ජාතිකයින් දෙදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව පොලිසිය විසින් ඊයේ (27) සිදුකළ වැටලීමකදී මීගමුවේ පිහිටි ලැඟුම්හලකදී අදාළ සැකකරුවන් සමග පරිගණක සහ එම උපාංග තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026.04.06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මීගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.