පුංචි පුතාට දිවි අහිමි කළ මාරක අනතුර
2026 March 29- Page Views : 1191
තණමල්විල - වැල්ලවාය මාර්ගයේ කුඩාඔය නගරය ආසන්නයේදී මාරක අනතුරක් සිදුව තිබේ.
වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ පිරිමි දරුවෙකු බරපතළ තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත මාරු කර යවා ඇති අතර ප්‍රථිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 07ක් වූ කොටියාගල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුඩාඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.