අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
2026 March 29- Page Views : 1882
පවතින උණුසුම් කාලගුණයේ වෙනසක් ඇති කරමින් අද (29) පස්වරුවේ සබරගමුව පළාතේ සහ කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ අද (29) පස්වරු 2න් පසුව මෙම වැසි ඇතිවිය හැකි බවය.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ ප්‍රධාන වශයෙන් වියළි සහ උණුසුම් කාලගුණික තත්ත්වයක් යටතේ පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.