WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හොර රහසේ කොතළහිඹුටු රැගෙන ගිය චීන ජාතිකයා රේගු දැලේ

2026 March 31- Page Views : 1884

කොතළහිඹුටු තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු අද (31) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලෝකය පුරා ජනප්‍රිය ශ්‍රී ලංකාවේ තේ සන්නාමය සහිත ඇසුරුම් භාවිතා කරමින් මෙම චීන ජාතින කොතළ හිඹුටු කිලෝ ග්‍රෑම් 21 ක් අසුරා තිබූ බව නිළධාරීන් පවසයි.

46 හැවිරිදි සැකකරු මෙරට තුළ සංචාරයේ නිරත වූ චීන ජාතිකයෙකි.

ඔහු අද අලුයම 01.40 ට චීනයේ කුංමිං නුවර බලා පිටත්ව ගිය චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 714 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විදිවිධාන යටතේ කොතළ හිඹුටු ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන යා නොහැකි ආරක්ෂිත ශාක විශේෂයකි.

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.