ගතවූ පැය 24ට රිය අනතුරුවලින් 6දෙනෙකු ජීවිතක්ෂයට
2026 April 12- Page Views : 7
ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 06දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 54.9 කිලෝමීටර් කණුව ආසන්නයේදී කොට්ටාව දෙසට ධාවනය වු ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වු සිමෙන්ති පටවන ලද ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් පසුපස ගමන් ගත් ලොරි රථයේ රියදුරු සහ එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් දෙදෙනෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි සහ 64 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකි.
එමෙන්ම වැලිකන්ද, මරදන්කඩවල ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස ධාවනය වු යතුරුපැදියක් බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ද අනතුරක් සිදුව තිබේ.
අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි සහ 55 හැවිරිදි වැලිකන්ද සහ රත්තොට ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකි.
මේ අතර මොරවැව, නාමල්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය ත්‍රීකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි මොරවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊට අමතරව සීදුව, කොටුගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.