ගල් ඉබ්බන් 10 දෙනෙකු සමග දෙදෙනෙක් අත්අඩංගුවට
2026 April 17- Page Views : 4
පුත්තලම පොලිස් වසමේ කරඹ ප්‍රදේශයේදී ගල් ඉබ්බන් 10 දෙනෙකු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ (16) පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදීයි.
සැකකරුවන් අවුරුදු 26 වයසේ පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.