ඉන්දීය උප ජනපති නුවරඑළියට
2026 April 20- Page Views : 4
ඉන්දීය උප ජනාධිපති සී. පී.රාධක්‍රිෂ්ණන් මහතා අද (20) පෙරවරුවේ නුවරඑළිය ප්‍රදේශයේ නීරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
ඉන්දීය සම්භවයක් සහිත වතු දෙමළ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු නිරීක්ෂණ කිරීම සඳහා ඒ මහතා මෙලෙස එක්ව තිබෙනවා.
එහිදී ඉන්දීය උප ජනාධිපතිවරයා මලෛයගම් ප්‍රජාවද හමුවීමට නියමිතයි.
නුවරඑළිය, සීතා අම්මාන් කෝවිලේ ආගමික වතාවත්වලට ද ඉන්දීය උප ජනාධිපති සී. පී.රාධක්‍රිෂ්ණන් මහතා අද (20) සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය උප ජනාධිපති සී. පී.රාධක්‍රිෂ්ණන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (19) මෙරටට පැමිණියා.
මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපතිවරයා ඊයේ (19) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු වී සාකච්ඡා පැවැත්වූවා.