පඤ්ඤාකර හිමිට හීල් දානය දෙන්න චන්ද්‍රිකාත් එයි
2026 April 21- Page Views : 4
සාම පාගමන සඳහා ඇමරිකාවේ සිට වැඩම කර සිටින පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නයට හීල් දානය පූජා කිරීමේ අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගී විය. අත්තනගල්ල රජමහා විහාරයේදී හීල් දානය පූජා කිරීම සිදු කෙරිණි. "ලෝක සාමයේ වටිනාකම වඩ වඩාත් තදින් දැනෙන සමයක, වාර්ගික, ආගමික, කුල, පන්ති වශයෙන් වෛර්‍යය පතුරුවනු වෙනුවට සාමයේ, මෛත්‍රියේ අගය උගැන්වූ බුදු හිමියන්ගේ අකාලික දර්ශනය අපි වඩ වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතුය" යනුවෙන් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.