WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉදිරි සතියත් ජපානයට අවදානම් - යළිත් අනතුරු ඇඟවෙයි

2026 April 21- Page Views : 17

ජපානය යළි දරුණු භූකම්පනයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් පසු යළි දෙවන වරටත් මෙලෙස භූමිකම්පනයක් සඳහා අනතුරු ඇගවීමක් නිකුත් කර ඇති බවය. ඒ අනුව ඉදිරි සතියේ දී දරුණු භූකම්පාවක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද ජපාන බලධාරීන් පෙන්වා දී ඇත. මෙම භූකම්පනය රික්ටර් පරිමාණයේ 8.0ක හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් වාර්තා විය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවා තිබේ.  ඊයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපාංකයේ ඒකක 7.7ක ප්‍රභලත්වයකින් යුත් භූකම්පාවක් ඇති වූ අතර මේ හේතුවෙන් සුනාමි රළ පහර එරට නැගෙනහිර වෙරළට පැමිණ තිබුණි. ජපානය භූගෝලීය වශයෙන් "ගිනිකඳු වළල්ල" (Ring of Fire) මත පිහිටා ඇති බැවින් වසරකට භූමිකම්පා 1,500ක් පමණ සිදු වේ. එමෙන්ම ලොව පුරා සිදුවන රික්ටර් පරිමාණ 6.0ට වැඩි භූමිකම්පාවලින් 10% ක්ම වාර්තා වන්නේ ජපානයෙනි. 2011 මාර්තු මාසයේදී ඉවාතේ ප්‍රාන්තයට දකුණින් සිදු වූ රික්ටර් පරිමාණ 9.0ක මහා භූකම්පනය ජපානය තුළ මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම භූකම්පනය වේ. ඉන් ඇති වූ ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික අනතුරකි.  එම ව්‍යසනයෙන් පසුව මෙවැනි ඕනෑම කම්පනයකදී ජනතාව උස් බිම් කරා යොමු කිරීමට එරට රජය දැඩි පියවර ගනු ලබයි.