WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

2026 April 23- Page Views : 9

ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර ඊයේ (22)  රාත්‍රියේ ඇඹිලිපිටිය, මහවැලි නිළ නිවාස ප්‍රදේශයේදී සිදුව ඇති බව පොලීසිය පවසයි.

ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී යතුරුපැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

ඒ වන විටත් පැදිකරු මියගොස් සිට ඇති අතර පසුපැදිකාරිය එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මරණකරු අවුරුදු 45 ක් වූ පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.