WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාර පුරා ගිය ගල්කුඩු - යතුරුපැදි හතරකුත් අනතුරේ

2026 April 23- Page Views : 7

ගල්කුඩු ප්‍රවාහනය කරන ලොරි රථයක පිටුපස දොර විවෘත වී කළුගල් කුඩු වැටීම හේතුවෙන් කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වන මාර්ගයේ, කළුතර - වෙට්ටුමකඩ ප්‍රදේශයෙන් එක් මංතීරුවක් වසා දැමීට කටයුතු කර ඇත.

කළුතර දකුණ පොලීසිය ප්‍රකාශ කළේ, එම මාර්ගයේ මීටර් 800කට ආසන්න දුරක මෙම කළුගල් කුඩු වැටි ඇති බවය.

මෙම ගල්කුඩු හරහා ගමන් කිරීමට උත්සාහ ගත් යතුරුපැදි හතරක්ද අනතුරට පත්ව ඇත.

අද (23) අලුයම කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලොරි රථයකින් මෙම ගල්කුඩු වැටී ඇති බව සඳහන් වේ.

මෙලෙස අනාරක්ෂිත සහ අපරික්ෂාකාරී ලෙස ගල්කුඩු ප්‍රවාහනය කළ ලොරි රථයද කළුතර දකුණ පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.