WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට මුදල් කාරක සභාව අද රැස්වෙයි

2026 April 28- Page Views : 5

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් විසින් සොරකම් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අද (28) දිනයේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ අදාළ සාකච්ඡාවේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කාරක සභාව හමුවට කැදවීම සම්බන්ධයෙන් තීරණය කරන බවය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

මුදල් කාරක සභාව විසින් අදාළ සිදුවීම පිළිබදව සිදුකරන සොයාබැලීම්වලට රජය පූර්ණ සහයෝගය ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සදහන් කළේය.