වැඩි මිලට සම්බා වික්ක වෙළෙන්දෙකුට රු. ලක්ෂ 2ක දඩයක්
2026 April 29- Page Views : 4
වැඩි මිලට සම්බා සහල් අලෙවි කළ කොළඹ 11 ප්‍රදේශයේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ 2ක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ 11, පස්වන හරස්වීදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැලක් සම්බන්ධයෙන් මෙම නීතිමය පියවර ගෙන ඇත.
වැටලීමේදී අනාවරණය වූයේ, රුපියල් 240ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති සම්බා සහල් කිලෝග්‍රෑම් 05ක් රුපියල් 1425කට, එනම් කිලෝවක් රුපියල් 285 බැගින් පාරිභෝගිකයන්ට අලෙවි කර ඇති බවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (28) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර, අදාළ වෙළෙන්දා මීට පෙරද මෙවැනි වැරදි දෙවරක් සිදු කර ඇති බව අධිකරණයට කරුණු වාර්තා වී තිබේ.
එහිදී වරද පිළිගත් වෙළෙන්දාට රුපියල් 200,000ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කර ඇත.