උතුරු කොරියාව කෘත්‍රීම බුද්ධි තාක්ෂණයෙන් යුත් මැදිදුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව පෙරේදා(03) දකුණු කොරියානු හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම නිවේදනය නිකුත් කර ස්වල්ප වේලාවකින් පසුව උතුරු කොරියාවද ඒ බව සනාථ කරමින් නිවේදනයක් නිකුත් කර තිබිණි.
මෙම නව බැලැස්ටික් මිසයිලයට ගුවනේදී ගමන් මග වෙනස් කිරීමට හැකියාව තිබෙන බවත් එයට හේතුව මිසයිලය කෘත්‍රීම බුද්ධි තාක්ෂණයෙන් යුක්ත වීම බවත් පැවැසෙයි.
දෙරට අතර යුද මුක්ත කලාපයේ සිදු වූ පිපිරීමකින් දකුණු කොරියානු සෙබළුන් තිදෙනකු තුවාල ලැබීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින ලෙස දකුණු කොරියානු හමුදාව උතුරු කොරියාවට දැනුම් දී දින කිහිපයකට පසු මෙම මිසයිල අත්හදා බැලීම සිදු කර තිබේ.
උතුරු කොරියාවේ වොන්සාන් ප්‍රදේශයෙන් නැගෙනහිර මුහුද දෙසට ඊයේ (03) අලුයම බැලස්ටික් මිසයිලයක් දියත් කළ බව හඳුනාගත් බව දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීහු ප්‍රකාශ කළහ.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.