පද්‍ය, ගද්‍ය, සංවාද සහ පරිවර්තන එකිනෙක මුසු කරමින් අපූරු ශෛලියකින් නිර්මාණය කටයුතුවල නියැලෙන කැනේඩියානු කිවිඳියක සහ ලේඛිකාවක වන 76 හැවිරිදි ඈන් කාසන්ට 2026 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමිවිය.

ධෛර්යසම්පන්න සහ නිර්මාණශීලී සමස්ත සාහිත්‍ය මෙහෙවර ඇගයීමට ලක් කරමින් මෙම නොබෙල් සාහිත්‍ය ත්‍යාගය, ඈන් කාසන්ට හිමිවන බව නොබෙල් කමිටුව නිවේසනය කර ඇත. රන් පදක්කමට, සහතික පත්‍රයට අමතරව, ඇයට ස්වීඩන් ක්‍රෝන මිලියන 12 (ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක්) ත්‍යාග මුදලක් ද හිමිවෙයි.

පැරණි ග්‍රීක සාහිත්‍ය කෘති පරිවර්තනය කිරීම මඟින් වඩාත් ප්‍රසිද්ධියට පත් ඈන් කාසන්ගේ නිර්මාණ, ඔපෙරා ලිබ්‍රෙටෝ (ගීත නාට්‍ය පිටපත්) වල සිට සාහිත්‍ය විචාර සහ 1998 දී රචිත ඔටෝබයෝග්‍රැෆි ඔෆ් රෙඩ් වැනි පද්‍ය නවකතා දක්වා විහිදී යයි. ඇයගේ කෘතිවල සාම්ප්‍රදායික ශෛලීන් ඉක්මවා යන අපූරු ස්වභාවයක් දක්නට ලැබෙන බව සාහිත්‍ය විචාරකයන්ගේ අදහසය.