ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (22) හමුවිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කෙරුණු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අත්කරගත් ප්‍රතිඵල සහ ප්‍රගතිය ඇතුළත් හත්වැනි සමාලෝචනය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ ආර්ථිකය කළමනාකරණය කිරීමේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය බාහිර බලපෑම් මධ්‍යයේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා රජය කැපවී සිටින බව අවධාරණය කළාය.
රජය බලයට පත්ව වසර දෙකක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විවෘත හා විනිවිදභාවයෙන් යුතුව ලබා දුන් සහයෝගය පැසසුමට ලක් කළා ය.
ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා රජය දරන ප්‍රයත්නයන්ට අඛණ්ඩව සහාය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අර මුදල දක්වන කැමැත්තද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අගය කළාය.
අයි.එම්.එෆ් නියෝජිතයෝ අගමැතිනිය හමුවෙති
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
📸
විශේෂ ඡායාරූප එකතුව (Photo Gallery)
ඡායාරූප 1ක්
කසුන් සම්පත් ප්‍රනාන්දු
ක්‍රීඩා ප්‍රධාන වාර්තාකරු
ජාත්‍යන්තර ක්‍රිකට් සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආවරණය කළ ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.