WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

Twitter Blue මගින් ව්‍යාපාර සඳහා Square ආකාරයේ Profile Picture දැමීම සහ ගිණුම් සම්බන්ධ කිරීමේ පහසුකම් ලබා දෙයි

2022 December 27- Page Views : 30

Twitter සමාග​ම විසින් ඉකු​ත් සඳුදා (19) සිට Business සඳහා Twitter Blue Subscription එකක් එළිදැක්වීමට පටන් ගත් අතර, එය එහි නමට අනුව ව්‍යාපාර සඳහා අමතර වරප්‍රසාද හිමිවන අතර එය Twitter Blue දායකත්ව සේවාවේ අනුවාදයකි.

මෙම විශේෂාංගය විස්තර කර ඇත්තේ "ව්‍යාපාර සහ ඒවායේ අනුබද්ධ ආයතන සඳහා Twitter මත verify කිරීමට සහ වෙන්කර හඳුනා ගැනීමට නව ක්‍රමයක්" ලෙසිනි. රවුම් එකක් වෙනුවට හතරැස් ආකාරයේ profile pictures භාවිතා කිරීම ද මෙයට ඇතුළත් වනු ඇත.

Twitter Blue වෙත ගෙවන ව්‍යාපාර වලට gold checkmark සලකුණක් ලැබෙනු ඇති අතර ඔවුන්ගේ ඕනෑම සේවක සංඛ්‍යාවක් මෙන්ම අනෙකුත් ව්‍යාපාර සහ වෙළඳ නාම ද ඔවුන්ගේ ගිණුමට සම්බන්ධ කළ හැක. අදාල ව්‍යාපාරයේ සේවකයින්ට ඔවුන්ගේ සමාගමේ profile picture එක කුඩා ලාංඡනයක් ඔවුන්ගේ checkmark සලකුණට යාබදව පෙන්වනු ඇත.

Twitter Blue for Business හි මිල ව්‍යුහය තවමත් ප්‍රකාශ කර නොමැති අතර, මෙම ව්‍යාපෘතිය දැනට “සීමිත ව්‍යාපාර සංඛ්‍යාවක්” සමඟින් නියමු ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී Twitter වැඩසටහන ලබන වසරේ පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

මේ අතර, Twitter හි ප්‍රධාන විධායක නිලධාරී (CEO) ධුරයෙන් ඉවත් විය යුතු දැයි විමසූ මත විමසුමකදී පරිශීලකයින්ගෙන් 57.5% ක් “ඔව්” යනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව Elon Musk වැඩි කාලයක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ ප්‍රධානියා වී සිටිය නොහැකි බව පෙනේ. කෙසේ වෙතත්, ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඔහුගේ පළමු අදහස් දැක්වීමේදී Musk පැවසුවේ Twitter Blue ග්‍රාහකයින්ට ගෙවීම් කිරීමෙන් පමණක් අනාගත ප්‍රතිපත්ති සම්බන්ධ ඡන්ද විමසීම් (Polls) වලදී ඡන්දය ප්‍රකාශ කළ කිරීමේ හැකියාව ලබාදෙන බවයි.