දෝනිගේ කාර්යය ඉටුකිරීමට හර්දික් පාණ්ඩ්‍යා අපේක්ෂාවෙන්
2023 February 04- Page Views : 1187
තමන්ට කණ්ඩායමක් වෙනුවෙන් ඕනෑම භූමිකාවක් ඉටු කිරීමට හැකි බව ඉන්දීය ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පවසනවා.
එරට මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ තරගය තුළ පීඩනය දරාගැනීමේ හැකියාව තමන්ට පවතින බවයි.
එමෙන්ම ඕනෑම වේලාවක හයේ පහර එල්ල කිරීමට තමන්ට හැකි බවත්, හිටපු ක්‍රිකට් නායක එම්.එස්. දෝනිගේ කාර්ය භාරය ඉටුකිරීම තම අපේක්ෂාව බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
පසුගියදා නවසීන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගයේ නායකත්වය හොබවනු ලැබුවේ ද හර්දික් පාණ්ඩ්‍යා විසින් වන අතර, එහිදී ඉන්දියාව එම තරගාවලිය ජයගනු ලැබුවේ දෙකට එකක් ලෙසින්