WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය සිංහයින්ට

2023 March 25- Page Views : 1873

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි විය.

ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය. තරගය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවැත්වේ.මේ වනවිට නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලබාසිටී.

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු එක්දින තරගය දෙරට අතර පැවැත්වෙන සියවන එක්දින තරගය වීම විශේෂත්වයකි.මේ දක්වා පැවති තරග 99න් තරග 41ක් ශ්‍රී ලංකා කණ්ඩායමත් තරග 47ක් නවසීලන්ත කණ්ඩායමත් ජයගෙන තිබේ.