අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 September 30- Page Views : 32ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ගේ දෙමාපියන් බව කියන පිරිසක් අද (30) දින පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවය නිරත වූහ. අදාල විභාගය සම්බන්ධයෙන් ඇතිවූ තිබූ ගැටලුකාරී තත්ත්වය නිසාවෙන් ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් විද්වත් කමිටුවක් පත් කළ අතර අදාළ ප්‍රශ්න තුනක් සදහා සම්පූර්ණ ලකුණු ලබා දීමටත් යළි ශිෂ්‍යත්ව විභාගය නොපැවත් වීමටක් එම විද්වත් කමිටුවේ තීරණය කර තිබුණි. මෙහිදී විරෝධතාකරුවන් පවසා සිටියේ ශිෂ්‍යත්ව විභාගයේදී ලබා දී තිබූ ප්‍රශ්න අටක් විභාගයට පෙර පිටස්තර පුද්ගලයන් වෙත ලැබී තිබූ බවට අදාළ සාක්ෂි සහිතව විභාග කොමසාරිස්වරයාට ඉදිරිපත් කර තිබියදීත් ප්‍රශ්න තුනක් ගැන පමණක් සඳහන් කරමින් කටයුතු කර ඇති බැවින් මෙය ඉතා අසාධාරණ තීන්දුවක් වන බැවින් යළි විභාගය පැවැත්වීමටත් එම ප්‍රශ්න පිටතටයි ලබා දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටින ලදී.