WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද සිට

2024 October 04- Page Views : 26

නොවැම්බර් මස 14 දා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (4) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

අද සිට ලබන 11 දා මධ්‍යාන 12 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවදී නාමයෝජනා භාර ගැනීම සිදු කෙරේ.

මහ මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම ලබන 11 දා මධ්‍යාන 12 ට අවසන් කෙරෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි