පැහැරගත් පාසල් සිසුවිය හමුවෙයි
2025 January 13- Page Views : 358 ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වු පාසල් සිසුවිය සහ පැහැරගැනීම සිදුකළ සැකකරු පොලිස් භාරයට ගෙන තිබේ.
අම්පාර, බස් නැවතුමේ සිට මහනුවර බලා පිටත්ව යාමේ අරමුණින් වායුසමීකරණය කරන ලද බස් රථයක් තුළ රැඳී සිටියදී ඔවුන් දෙදෙනා අද (13) උදෑසන සිය භාරයට ගත් බව පොලීසිය පැවසුවේය.
ඔවුන් දෙදෙනා ඊයේ (12) රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ළැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
දවුලගල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගේ 18 හැවිරිදි දියණියක් ඊයේ දිනයේ දී මෙලෙස පැහැරගැනීමට ලක් ව තිබු අතර පැහැරගැනීම සිදුකළ සැකකරු එම ව්‍යාපාරිකයාගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බව සඳහන් වුණි.
පැහැරගැනීමට ලක්වු සිසුවිය සහ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදා විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ අනුව අද පෙරවරුවේ සිසුවිය සහ සැකකරු සිය භාරයට ගැනීමට හැකි වු බව පොලීසිය පැවසීය.