පොලිස් නිලධාරියෙකු විසින් යුද හමුදා නිලධාරියෙකුට බැණ වදින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටය ගැන විමර්ශනයක්
2025 April 25- Page Views : 16පොලිස් නිලධාරියෙකු විසින් යුද හමුදා නිලධාරියෙකුට බැණ වදින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා. මෙම වීඩියෝ පටය වැඩබලන පොලිස්පතිතුමාගේ අවධානය යොමු වීමෙන් පසු මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝග ලබා දී තිබෙනවා. ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරි විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම විමර්ශනයේදී අනාවරණය වන කරුණු අනුව අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.