WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයේ ගින්නක්

2026 July 19- Page Views : 8

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක අද (19) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ. දෙහිවල ගිනි නිවීමේ ඒකකය පැවසුවේ එම මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ මෙම ගින්න හටගෙන ඇති බවය. ගින්න මැඩපැවැත්වීම සඳහා දෙහිවල ගිනිනිවීමේ ඒකකයේ රථ දෙකක් යොමු කර ඇති බවත් මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවත් එම ඒකකය සඳහන් කළේය.