තිදරු මවට මරු කැඳවූ අනතුර
2025 May 14- Page Views : 41 පිළියන්දල මඩපාත බට- කැත්තර ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් ඇඟලුම් සේවිකාවක් මිය ගොස් ඇතැයි පිළියන්දල පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ, පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 51ක් හැවිරිදි තිදරු මවකි.
අනතුරු සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ වරලත් ගණකාධිකාරිවරයා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරින් මියගිය කාන්තාව රැකියාව අවසන් වී බටකැත්තර ප්‍රදේශයෙන් මාර්ගයේ දකුණු පස සිට වම් පසට මාර්ගය හරහා මාරුවීමේදී මඩ පාත දෙස සිට පුවක් ගස් හන්දිය දෙසට ධාවනය වූ සුඛෝභෝගී මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
බරපතළ තුවාල ලද කාන්තාව සැකකාර රියදුරු විසින්ම පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මද වේලාවකදී තුවාලකාරිය මිය ගොස් ඇත.
සැකකාර රියදුරුගේ, අපරීක්‍ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.
සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පිළියන්දල පොලීසිය පරීක්ෂණ පවත්වයි.