ගුරුවරු අධ්‍යාපන අමාත්‍යංශ භූමිය වට කරයි
2025 May 26- Page Views : 33 මහජන දිනයේදීවත් අධ්‍යාපන ලේකම් හමුවීමට අවස්ථාව ලබා නොදුන් බව සඳහන් කරමින් ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාවයක නිරත වෙනවා.
අධ්‍යාපන ලේකම් හමුවීමට පැමිණි දසවන අවස්ථාව මෙය වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාදය අහිමි නොකරන ලෙස ඉල්ලා මෙසේ ගුරුවරු විරෝධතාවයේ නිරත වෙන බවයි වාර්තා වන්නේ.
ඔවුන් සඳහන් කර සිටින්නේ මෙම වසරේ මෙය කප්පාපු කළහොත් ඉදිරියේදී කිසිම ගුරුවරයෙක්ට මෙම වරප්‍රසාදය හිමි නොවනු ඇති බවයි.