WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුද්ගලයෙකුට පහරදීමේ විඩියෝ පටයට අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

2025 May 26- Page Views : 32

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුද්ගලයෙකුට පහරදීමේ විඩියෝ පටයකට අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන්නේ, මෙම සිදුවීම පසුගිය 24 වැනිදා රාත්‍රී කාලයේ ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුව - මඩගල්ල මාර්ගයේදී අධික වේගයෙන් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු හා කාන්තාවක පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට යාමේදී ඇති වූ බහින්බස් වීමකින් සිදුව ඇති බවට කරුණු අනාවරණය වූ බවයි.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් I පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර, වීඩියෝ දර්ශනයට අදාළ පුද්ගලයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කළ බවයි එම නිවේදනයේ සඳහන්.