WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දුම්රිය රියදුරන් පිරිසක් එකවර නිවාඩු යාම පිළිබඳව විමර්ශණයක්

2025 May 28- Page Views : 33

දුම්රිය රියදුරන් 20 ක් පමණ සේවයට වාර්තා නොකිරීම පිළිබඳව විමර්ශණයක් පවත්වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

පසුගියදා මෙම රියදුරු පිරිස සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය කීපයක් අවලංගු කිරීමට සිදු වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

දුම්රිය ධාවනය සදහා රියදුරන් 430 ක් පමණ සිටිය යුතු නමුත් මේ වනවිට සිටින්නේ රියදුරන් 275 ක් පමණ බවත් පැවසූ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා දුම්රිය රියැදුරන් බදවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර ලබන ජූලි මාසයේදී බදවා ගැනීමේ තරඟ විභාගය පැවැත්වීමට සැළසුම් කර ඇති බවද පැවසීය.