WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

2025 May 29- Page Views : 32

විකිණීමට සුදානම් කර තිබූ ග්‍රෑම් 170 ක් පමණ වූ ගජමුතුවක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

ලද තොරතුරක් මත ඊයේ (28) පස්වරුවේ කොළඹ, කොම්පඤ්ඤවීදිය ජේමිස් පීරිස් මාවතේදී සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරුවන් අවුරුදු 31 හා 27 වයසේ පසුවන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.