WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට

2025 May 30- Page Views : 31

වලංගු  රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට සහ එම යතුරු පැදිය ලබා දුන්පුද්ගලයාට එරෙහිව නීතිය මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කින්නියා පොලිසියේ රාජකාරී කරනු ලබන පොලිස් සැරයන් වරයෙකි. කින්නියා  ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශන වලට අනුව සැකකාර පොලිස් සැරයන්වරය  විසින් කින්නියා බුහාරි  හන්දිය ප්‍රදේශයේදී අල්ලස් මුදල ලබා ගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.