WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

10 හැවිරිදි පුතාව දිය රකුසා රැගෙන යයි

2025 May 31- Page Views : 32

දියේ ගිලී 10 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

මොරගොඩ පොලිස් වසමේ මුරියාකඩවල ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ සිටි දරුවෙකු මෙලෙස ඊයේ (30) සවස් කාලයේදී වැවක දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්වී ඇත.

මොරගොඩ පොලීසිය සඳහන් කළේ මරදන්කඩවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දරුවා මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ බවය.

මියගිය දරුවා 10 හැවිරිදි මොරොන්තුඩුව, කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.