WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනෙන් ලංකාවට මකර බෝට්ටු පහක්

2025 June 02- Page Views : 30

ශ්‍රී ලංකාවේ කැනෝයිං සහ කයාකිං ජාතික සංගමය විසින් පවත්වන ලද චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී කණ්ඩායම් 25 ක සහභාගීත්වයෙන් පැවැත්විණි.

චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලියෙන් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමීමත්, මහජන චීන සමූහාණ්ඩුවෙන්, ලක්ෂ 50 ක වටිනාකමක් සහිත මකර බෝට්ටු පහක් මෙරටට ලබා දීමත් මෙම අවස්ථාවේ දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, මෙම චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කුසලාන ශූරතාවලිය සහ මකර බෝට්ටු උළෙල දෙරට අතර මිත්‍රත්වයේ, සංස්කෘතියේ සහ සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති, කී ශැන්හොන් මහත්වරු ද සහභාගී වී සිටියහ.