කොළඹ මහ නගර සභාවේ ප්‍රථම රැස්වීම ජුනි 16 වැනිදා
2025 June 04- Page Views : 30 මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු, අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වෙන බවට නිවේදනය කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජුනි 16 වන දින උදෑසන 9.30 කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වීමට නියමිතයි.
නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදු කරනු ලබනවා.
මේ අතර, බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව, තවත් පළාත් පාලන ආයතන 20ක මංගල රැස්වීම ද ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිතයි.