WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකන් සමග එක්වන නව ගුවන් යානය දැකගැනීමට ජනතාවට අවස්ථාවක්

2025 June 04- Page Views : 30

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වන ඒ 330 - 200 පුළුල් බඳ සහිත එයාර්බස් යානය අද උදෑසන ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව පවතිනවා.   

ඒ අනුව උදෑසන අඩි 1,500ක උසකින් මෙම යානය පියාසර කරනු ඇති.   

කොළඹ වරාය නගරයේ දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා මෙම යානය පියාසර කරන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කළේ.   

පසුව කටුනායක ගුවන් තොටුපළ දක්වා පැමිණෙන යානය ගොඩබෑමට පෙර ගුවන් තොටුපළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කරනු ඇති.