WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පස්මහල් ගොඩනැගිල්ලෙන් වැටී දෙදරුපියා මරුට

2025 June 04- Page Views : 30

වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පෙදෙසේ   පස්මහල් ගොඩනැගිල්ලකින්  පහළට වැටීමෙන් අද (4)  පුද්ගලයෙක්  මියගොස් ඇතැයි වැල්ලවත්ත  පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව , ඉරුදය පුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා ( 59) දෙදරුපියෙකි.

මීට වසර තුනකට ඉහතදී වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණ පෙදෙස  ව්‍යාපාරික නිවසට මුරකරුවකු සහ නිවසේ වැඩ කිරීම සඳහා පැමිණ තිබූ මිය ගිය පුද්ගලයා අද (4) පෙරවරුවේ ඉහළ මහලේ කොරිඩෝව අසල ලී මිටක් ආධාරයෙන් සැකසූ උපකරණයකින් පැත්තකට නැවී  ජනෙල පියන් සුද්ද පවිත්‍ර කරමින් සිටියදී  ශරීරයේ සමබරතාවය ගිලිහි එකවරම පහළට වැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.