WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තායිලන්තය සහ කාම්බෝජය අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දමයි

2025 June 24- Page Views : 36

තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින මත ගැටුම් හේතුවෙන් කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග තායිලන්තය විසින් වසා දමා තිබේ.

තායිලන්ත හමුදාව සහ නාවික හමුදාවේ ප්‍රකාශයන්ට අනුව තායි සහ විදේශිකයින් යන දෙඅංශයෙන්ම සියලුම සංචාරකයින් සහ වෙළෙඳුන් ඇතුළු සියලුම පිරිස් වෙත කාම්බෝජ දේශසීමා තරණය කිරීම තහනම් කර ඇත.

මතභේදාත්මක චොං බොක් දේශසීමා ආසන්නයේදී පසුගිය මැයි මස 28 වැනි දින හමුදා වෙඩි ප්‍රහාරයකින් කාම්බෝජ සොල්දාදුවෙකු මිය ගිය අතර එම මිය යාමෙන් පසු දෙරට අතර මතගැටුම් නිර්මාණය විය.

මෙම වෙඩි තැබීම ජාතිවාදී හැඟීම් වැඩිවීමට සහ ආණ්ඩු දෙකේම පළිගැනීමේ ක්‍රියාමාර්ගවලටද හේතුවී තිබුණි.

මෙම මතගැටුම් හේතුවෙන් පසුගියදා කාම්බෝජය විසින් තායිලන්තයෙන් ආනයනය කරන සියලු පලතුරු සහ එළවළු ආනයනය තහනම් කිරීමටද පියවර ගැනුණි.

එමපමණක් නොව රූපවාහිනියෙන් සහ සිනමා ශාලාවලින් තායි චිත්‍රපට තහනම් කිරීමටද පියවර ගත් අතර දේශසීමා මුරපොළක් ද වසා දමා තිබුණි.