WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නීති විරෝධීව ගෙන්වූ කෝටි තුනක වාහන බණ්ඩාරගමින් සොයා ගනියි

2025 June 29- Page Views : 21

කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ  සමීපතමයෙකු නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වූ බව කියන  රුපියල් කෝටි තුනකට අධික වටිනා  සුඛෝ භෝගී වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.

මිට්සුබිෂි  මොන්ටරෝ වර්ගයේ ජීප් රථයක් සහ කැරවන්  වර්ගයේ වෑන් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

බස්නාහිර පළාත් බුද්ධි පානදුර / කළුතර කොට්ඨාස මෙහෙයුම් කණ්ඩායම වෙත ලද තොරතුරකට අනුව බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් සැකකටයුතු  වෑන් රථයක් බණ්ඩාරගම ආදර්ශ පටුමග නිවසක සඟවා තිබෙන බවට ලද තොරතුරකට අනුව  වෑන් රථ පොලිසිය භාරයට ගෙන ගෙන ඇත.  වෑන් රථය සඟවා තිබූ නිවසේ සිටි වයෝවෘද්ධ කාන්තාවකගෙන් ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි