අධිවේගේ හැපුණු රාජ්‍ය ඇමතිගේ බලශක්ති ජීප්රිය ගැන විමර්ශනයක්
2025 July 31- Page Views : 34 රාජ්‍ය අමාත්‍යවරයෙකු ලබාගෙන තිබූ බලශක්ති අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් කොළඹ මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කිලෝමීටර් 88 R සහ 88.1 R ප්‍රදේශයේදී පසුගිය වසරේදී
අනතුරට ලක්ව අලාභ හානිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම ජීප් රථය අනතුරට පත්වන අවස්ථාවේදී එහි එම රාජ්‍ය අමාත්‍යවරයාගේ පියාද සිට ඇත. මෙම ජීප් රථය( KQ 5423 අංක දරන)මාතර සිට කොළඹ දෙසට ධාවනය කිරීමේදී කිලෝමීටර් 88 R සහ 88.1 R ප්‍රදේශයේදී ලොරියකට ඉස්සර කිරීම සඳහා මාර්ගයේ දකුණු මන්තීරුවට ගැනීමේදී ජීප් රථයට පිටුපසින් ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් පසුගිය වසරේ ජූලි මස 22 වැනිදා මෙම අනතුර සිදුව ඇතැයි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.
බස් රථය ජීප් රථය පිටුපස ප්‍රදේශයේ ගැටීමෙන් පසු අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂක වැටේ ජීප් රථයේ බඳ කොටස වැදි නැවතී ඇත. අනතුරෙන් ජීප් රථයේ පිටුපස දකුණු පැත්ත බඳ කොටසට සහ එහි ඉදිරිපස දකුණු පැත්තට අලාභ හානි සිදුව ඇත.
ජීප් රථයට සිදුවූ අලාභය අදාළ රක්ෂණ සමාගමෙන් හානි පූර්ණය කර ගන්නා බවට රියදුරු දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳව විමර්ශන කළ පොලිස් නිලධාරියා ජීප් රථය සහ එහි රියදුරුගේ රියදුරු බලපත්‍රය මුදා හැර ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කර ඇති අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාශයේ පින්න දූව අනුපාලක ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු උසස් නිලධාරියකුගේ නිසි නියෝගයක් නොමැතිව තම අභිමතය පරිදි වාහන රියදුරන්ගේ රියදුරු බලපත්‍ර මුදාහැර ඇති බව තොරතුරු අනාවරණය වීමෙන් පසු රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි අධිවේගී මාර්ග දකුණ පොලිස් අධිකාරි එම්.පී ඩයස් මහතා ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත .