WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වත්කම් නොදුන් මන්ත්‍රීන් 25 කට හිටපු මන්ත්‍රීන් 100 කට අවවාද ලිපි

2025 August 01- Page Views : 24

නියමිත කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසකට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවවාද ලිපි යවා ඇත.

වත්කම් බැරකම් පනත අනුව සෑම මන්ත්‍රීවරයකුම සෑම වසරකම මාර්තු 31 වනවිට පැවතුණ සියලුම වත්කම් පිළිබඳ විස්තර සෑම වසරකම ජුනි මස 30 වැනිදාට පෙර කතානායකවරයාට බාරදිය යුතුවේ.

මේ අතර ජුනි මස 30 වැනිදාට වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීමට නොහැකිව ජූලි මස 1 වෙනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙන මන්ත්‍රීවරුන්ගෙන් දඩ මුදලක් අය කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.