පසුගිය වසරේදී පාරිභෝගික අධිකාරියෙන් දැනුවත් කිරීම් වැඩසටහන් 1,540ක්
2026 January 11- Page Views : 10
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය 2025 වසර තුළ පාරිභෝගික දැනුවත් කිරීම් වැඩසටහන් 1,540ක් පවත්වා ඇති බව එම අධිකාරිය පවසයි.
එම අධිකාරිය සඳහන් කළේ එය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඉතිහාසය තුළ වසරක් තුළ වාර්තා වූ ඉහළම වැඩසටහන් සංඛාවද වන බවය.
මෙම වැඩසටහන් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදී ක්‍රියාත්මක කර ඇති අතර ඒ හරහා අධිකාරියේ නිලධාරීන් විසින් 120,000කට අධික පිරිසක් සෘජුව මුණගැසී දැනුවත් කිරීමටද කටයුතු කර ඇත.
ඊට අමතරව විද්‍යුත්, ඩිජිටල් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් දැනුවත් කිරීම, නිරන්තරයෙන් සිදුවන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
එමෙන්ම මෙම 2026 වසරේදීත් මහජනතාව, පාසල් දරුවන් සහ වෙළෙඳ ප්‍රජාව ඉලක්ක කර මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට අධිකාරිය සැලසුම් කර ඇති බවත් එම අධිකාරිය පැවසුවේය.