ශ්‍රී ලංකාවට ඉන්දියානු අයවැයෙන් බිලියන 4ක ආධාර
2026 February 01- Page Views : 18
ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල් බිලියන 04ක මුදල් ආධාරයක් වෙන් කර තිබේ. එය 2026/27 මූල්‍ය වර්ෂයට අදාළ අයවැයට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. අදාළ වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.