WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් යුක්‍රේනයේ පතල් කම්කරුවන් 12ක් මරුට

2026 February 02- Page Views : 25

යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පතල් කම්කරුවන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුක්‍රේනයේ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය.

එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

රුසියාවෙන් යුක්‍රේනයට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ දෙරට අතර එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් පැවැත්වෙන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවල දෙවන වටය එළැඹෙන සතියේ පැවැත්වෙන බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුව වීමද විශේෂත්වයකි.

එමෙන්ම ඊයේ දිනයේදී රුසියාව විසින් එල්ල කළ ප්‍රහාරයෙන් යුක්‍රේනයේ ගිනිකොනදිග සපොරිෂියා නගරයේ මාතෘ රෝහලක් සහ නේවාසික ගොඩනැගිල්ලක සිටි 9 දෙනෙකුද තුවාල ලබා තිබුණි.