WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හෙරොයින් කිලෝ 3ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

2026 February 04- Page Views : 18

හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 18ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ එම මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (03) රාත්‍රී කාලයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

කිරිබත්ගොඩ පොලිස් වසමේ රෝහල පාර ප්‍රදේශයේදී සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 03 සහ ග්‍රෑම් 18ක් සමඟ ජංගම දුරකථනයක් හා එම යතුරුපැදියද සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගස් සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරදි අයෙකි.

සැකකරුවෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී, මෙම මත්ද්‍රව්‍ය තොගය ඔහු වෙත ලබා දුන් තවත් සැකකරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර, ඒ අනුව කටුනායක 18 කණුව ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි අවස්ථාවේදී දෙවන සැකකරුද අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු වයස අවුරුදු 32ක් වන තායිලන්ත ජාතිකයෙකු බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, කිරිබත්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.