WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට යළි අවසර ලැබෙයි ද ?

2026 February 05- Page Views : 18

පාරිසරික හානියක් නොමැති බවට තහවුරු වුවහොත් අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ඉදිරිපත් වූ පැමිණිලි හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවය.

අම්බුළුවාව ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මෙම අදහස් පල කළේය.

එම අවස්ථාව සදහා එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා සදහන් කළේ අදාළ ව්‍යාපෘතිය මගින් කිසිදු පාරිසරික හානියක් සිදුනොවන බවය.