රුපියල් මිලියන 30ක වියදමින් මුලතිව් නගරයේ ඉදි කළ අභිනව “මෙගා කෝප්සිටි” සංකීර්ණය ජනතා අයිතියට
2026 February 12- Page Views : 31
මුලතිව් නගරයේ අභිනවයෙන් ඉදි කළ “මෙගා කෝප්සිටි” සංකීර්ණය විවෘත කිරීම ඊයේ (11) සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
රුපියල් මිලියන 30ක වියදමින් ඉදිකර ඇති මෙම නව සංකීර්ණය මගින් ගණුදෙනුකරුවන්ට පහසු සහ නවීන සේවාවන් ලබා දීමට හැකි වන අතර, ප්‍රදේශයේ ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණයි.
මුලතිව් නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික් සංවර්ධන අරමුදල සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා.
නව සංකීර්ණය මගින් වෙළෙඳ පහසුකම් පුළුල්වීමත් සමඟ ප්‍රදේශවාසීන්ට සහ ව්‍යාපාරිකයන්ට ප්‍රයෝජන රැසක් හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. තිලකනාදන් සහ ටි. රවිකරන් මහත්වරුන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් එ. උමාමහේෂ්වරන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියා.