මවගේ හොර මිනිහාගේ පහරින් සිඟිතියක මරුට
2026 February 14- Page Views : 27
හෝමාගම මාගම්මන සමගි මාවතේ පදිංචි කාන්තාවකගේ අනියම් සැමියාගේ පහර කෑමෙන් අවුරුදු තුනක් වයසැති දියණියක ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි. සිද්ධියෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර දියණියගේ මව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාගම්ම්න සමගි මාවතේ දියණියක බව පොලීසිය කියයි. එදින උදෑසන දරුවාට පහර දී බැහැරට රැගෙන ගොස් යලි සවස නිවසට රැගෙන එන අවස්ථාවේ දී දියණිය කිසියම් අසාත්මික තාවයකින් පසු වීම නිසා හෝමාගම මූලික රෝහලට රැගෙන යන අවස්ථාවේදී මෙසේ මියගොස් තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සොයා මත්තේගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති.